පොහොට්ටුවේ ජාතික සමුළුව අරඹයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය මීට සුළු මොහොතකට පෙර උත්කර්ෂවත් අයුරින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේදී ආරම්භ වී ඇත.

මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට සම්ප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමත්, එහි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් මෙම සමුළුවේදී සිදුකිරීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියි.

Read more

Local News