හාගල රක්ෂිතයේ ගින්නක්

Share

බලංගොඩ පොලිස් වසමේ හාගල රක්ෂිතයේ ඊයේ(11) සවස හදිසි ගින්නක් හට ගෙන ඇති බවට බලංගොඩ පොලීසියට ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වී තිබේ.

කෙසේ වෙතත් පොලීසිය, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News