අපි හැමෝටම එකිනෙකාට සමාජ වගකීමක් තිබෙනවා

Share

ආර්ථිකයේ නියම ප‍්‍රතිලාභ සියළු වැඩකරන ජනතාවට ලබාදෙන අලූත් සමාජ ක‍්‍රමයක් ගැන සැලසුම් කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, මහානගර අමාත්‍යාංශයේ මෙහෙයවීම මත කි‍්‍රයාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් වැඩබිම්වල සේවය කරන ශ‍්‍රමිකයින්ගේ සේවය අගයනු වස් සංවිධානය කරනු ලැබූ ‘දෑ අභිමානී – 2019 උපහාර උළෙල’ ට සහභාගී වෙමිනි.

එම උත්සවය පසුගියදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.

පැරණි ආකාරයට මහන්සි වෙනවාට වඩා නවඋපකරණ සමඟ නව තාක්ෂණයන් සමඟ අද අප විප්ලවකාරීව ඉදිරියට යා යුතු බව අමාත්‍යවරයා පවසයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි හැමෝටම එකිනෙකාට සමාජ වගකීමක් තිබෙනවා.

අපි හැම කෙනාම තමන්ගේ රැකියාව පිටින් සමාජයට යන මෙහෙවරක්, සේවයක් කරනවා. ඒ බව අපි හැමදෙනාම මතක තබා ගත යුතුයි.

ඒ වගේම අපි හැම දෙනාම භාණ්ඩ මිලදී ගන්න කොට අපි බදු ගෙවනවා. ඒ බදුවලින් අපට පොදු සේවා සැපයෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය වගේ පොදු සේවාවන් රජය සපයන්නේ අපේ ඒ පොදු කටයුතුවලදී අපි බදු හරහා දක්වන දායකත්වය නිසයි.

ඒ නිසා මේ වැඩකරන ජනයා, කම්කරු පංතිය මෙන්න මෙවැනි කාරණා පිළිබඳ අලූත් අරුතක් දැන් රටට ලෝකයට අවශ්‍ය යුගයකයි ඔබ අප හැම ඉන්නේ.

ඒ නිසා ඉංජිනේරු මහත්වරු, සැලසුම් ශිල්පීන්ගේ සිට පහළ සිමෙන්ති ටික අනන වැඩකරන ශ‍්‍රමිකයා දක්වා එන ඔබ සියළු දෙනාම මේ මහා ව්‍යායාමයේ කොටස් කරුවන්. ඒ නිසා තමයි අපි තීරණය කළේ ඔබව අගයන්න.”

Read more

Local News