පොහොට්ටුවෙන් නම් කළේ ඉදිරි ජනාධිපතිවරයා

Share

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉකුත් වසර 5 තුල රටට කළ විනාශය පිළිබදව අවබෝධයක් ඇති කිසිවෙක් නැවත එම පක්ෂයට ඡන්දය ලබා නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ මහින්ද රාජපක්‍‍ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කළේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ නම පමණක් නොව රටේ ඉදිරි ජනාධිපතිවරයාගේ නම බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරන සියලු අපේක්ෂකයන් පසුගිය අවුරුදු කිහිපයේ රටට සිදු කළ විනාශයට වග කිව යුතු බවත් ඒ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ සිටි සියලුම මිය ගිය නායකයින් මිනී වලෙන් නැඟිට විත් එක් අයෙක් බවට පත් වුවද නැවත එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ නොහැකි බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News