ඉස්ලාම් භක්තිකයෙක්ගේ මළ ගෙදරකට යෑමෙන් ඔබත් ඉස්ලාම් භක්තිකයෙක් වෙන්නේ නෑ

Share

එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණක් ලෙස ඉදිරියේ දී ශක්තිමත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

අද(12) කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

විරුද්ධ පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් ගැන තම පක්ෂයට අදාළ නොවන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පක්ෂය තුළ ඇත්තේ අර්බුද නොවෙන බවත්,ඒවා මතවාද වන බවත් පැවසු පතිරණ මහතා, එවැනි දේවල් ගෙවල්වලත් තිබෙන බව පැවසීය.

2014 දී ශක්තිමත් අපේක්ෂකයෙක් ලබා දුන් බවත්, එවැනි අපේක්ෂකයෙක් ඉදිරියේ දී බලාපොරොත්තුවෙන ලෙසත් බුද්ධික පතිරණ මහතා මෙහිදී පැවසීය.

මාස එකමාරකට පෙර යොදා ගත් වැඩකට අද දිනයේ කෑගල්ලට පැමිණි බවත් අද දිනයේ පැවැත් වෙන බදුල්ලේ රැළියට තමා ද සහභාගී වන බවත් පතිරණ මහතා මෙහිදී පැවසීය.

“ඔබ ඉස්ලාම් භක්තිකයෙක්ගේ මළ ගෙදරකට යෑමෙන් ඔබත් ඉස්ලාම් භක්තිකයෙක් වෙන්නේ නෑ“ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් බුද්ධික පතිරණ මහතා පැවසීය.

හැමතැනින්ම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවත්, අපේක්ෂකයා තොරා ගැනීම අදාළ ක්‍රමවේදය අනුව සිදුවන බවද  රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News