ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

Share

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අද(12) අලුයම සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ එම ජලාශයේ වාන් දොරටු තුනක් අද පසවරුවේ සිට විවෘත වි ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

එම ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රියවම විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News