ප්‍රධාන පක්ෂ දෙක තුළම අද නායකයින් නෑ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ඉදිරියේදී එකතු වනවා නම් එකතු වන්නේ ගෞරවාන්විතව පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එසේ නොමැතිව පක්ෂය කඩලා,පාගලා දාන පිරිස සමඟ එක්ක එකතු වන්න කිසිඳු අදහසක් නොමැති බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය අමතමින් මහා ලේකම්වරයා මේ බව කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

” මට අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඇත්තේ විශාල කළ කිරීමක්. ඒකට හේතුව ප්‍රධාන පක්ෂ දෙක තුළම අද නායකයින් නොමැති වීමයි.

අද එකම පක්ෂයකවත් නායකයෝ නැහැ.නායකයෝ හයර් කරන්න වෙලා තියෙන්නේ.

1994 අවුරුද්දේ ඉදලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙකුට නැගිටින්න දෙන්නේ නැහැ.

ඒ පක්ෂයේ නායකයෝ පක්ෂය තුළින්ම වද බැස්සෙව්වා.ඒ නිසා කාත් කව්රුවත් නැතිව ගිහිං.අද නැතිකමට සජිත් ප්‍රේමදාස මහත්තයාව ගේන්න උත්සාහ කරනවා.

ජේ.ආර්.ජයවර්ධන මහත්තයා යටතේ නායකයෝ ගනනාවක් හිටියා.එතුමන් නායකයෝ හැදුවා.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ හිටපු නායකයෝ පක්ෂය දාලා ගියා.

පක්ෂය තුළින් කිසිම කෙනෙකුට නැගිටින්න දුන්නේ නෑ.හැමදාම කළේ පිටින් හයර් එකට ගෙනවිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු එකයි.

2010 අවුරුද්දේ සරත් ෆෝන්සේකා මහත්තයාව හයර් කලා.2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව හයර් කලා.ඒ පක්ෂය කළේ නායකයෝ හැදුවේ නැහැ.නායකයින්ව වළ දාපු එකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කළේ.ඇත්තටම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහින්ද රාජපක්ෂ මහත්තයාට නායකත්වය දුන්නා.

එතුමිය වර්තමානයේ මොන ප්‍රකාශ දැන් කළත් අපි ඇයට ගරු කළ යුතුයි.නමුත් 2005 න් පස්සේ 2015 වෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම නායකයෙකුවත් හැදුවේ නැහැ.

මේවා කිව්වහම අපිට අනිත් පැත්තට බනියි.නමුත් ඇත්ත කථාව ඒකයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයෝ හැදුවද?ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සිද්ධ වුනේ කඩාගෙන අනිත් පැත්තට යන්න.

අද පොදු ජන පෙරමුණ පක්ෂයටත් සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලනය නොකරපු වෙනත් නායකයෙක් ගේන්න.අද වෙලා තියන තත්ත්වය හරිද වැරදිද කියලා ඔබම කියන්න.

මේවා කිව්වහම කියයි දයාසිරිලා ආවඩන්නේ නැතිව එකතු වීම කන්න යනවා කියලා.එකතු වීම කන්න නෙමෙයි හදන්නේ මේ දේශපාලන යථාර්ථය තේරුම් කරලා දෙන එකයි කරන්නේ.මොකද මේ ටික තේරුම් ගන්නේ නැතිව අපේ රටේ දේශපාලනය කරලා වැඩක් නැහැ.

ආසනය ඇතුළේ තමන් නායකයෝ හදන්නේ නැත්නම්.ඉන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිව ගහලා එළවනවා නම්.ආසනය ඇතුලේ මිනිස්සු හදන්නේ නැත්නම් පක්ෂය හදන්නේ කොහොමද?.

මෙන්න මේක තමයි මේ පක්ෂ දෙකටම වුනේ.ඒ නිසා පක්ෂ දෙකම අනාථ වෙලා වෙන වෙන නායකයෝ හොයා ගෙන යන්න වෙලා තියනවා දැන්.”

Read more

Local News