ගෝඨාට බනින අය රෑට ඔහු සමඟ ගනුදෙනු කරනවා

Share

බල ලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්ෂයකට ජයග්‍රහණය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය -01  එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවල කුමක්ද මන්ත්‍රීතුමා ඉදිරියේදී ?

වැඩපිළිවෙල ඔබ තුමන්ලාට පේනවා නේ අපි දන්නෙත් නෑ. ඇතුළේ හිටිය ට යනුවෙන් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය. ගැටළුවක් ඇති බවත් මේවා බේරා ගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ගෝඨාභයට බනින අය රෑට ඔහු සමඟ ගනුදෙනු කරන බවත් එවැනි වැඩ කිරීමෙන් පාක්ෂිකයින් අතරමං වන බවත් මෙහිදී ෆොන්සේකා මහතා කියා සිටියේය.

ප්‍රශ්නය -02  සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විදියට ආවොත් රටේ මේ තිබෙන තත්ත්වයත් එක්ක ඔහුට පරිපාලනය කරන්න හැකියාවක් තිබෙනවාද?

තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නැති බවත් පැවසු මන්ත්‍රීවරයා, රට හදන්න බැරි නුසුදුස්සෙක් ආවොත් හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැඟලා ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරි බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

විවේචන පටන් ගන්න තාම කල් වැඩි බවත්, බලලෝභය වෙනුවෙන් වෙනත් අයෙක් නායකයාගේ පුටුවේ වාඩි වෙලා ගමනක් යන්න ගියාට පක්ෂයට හෝ ජනතාවට ඉන් වැඩක් නොමැති බවත් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

ප්‍රශ්නය -03  ඔබතුමාලාගේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඇයි ජනතාවගේ කැමැත්තට ඇහුම්කම් නොදෙන්නේ?

ජනතාවගේ කැමැත්ත කියන්නේ මිලියන ගාණක ‘ජනතා හඬ‘ වන බවත් ඔවුන් පක්ෂ ක්‍රියාකරුවන් නොවන බවත් මෙහිදී ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News