රුපියල් කෝටි 1100 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

Share

සභානායක උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කළ ණය මුදලට වඩා වැඩියෙන් ගෙවීමට සිදුවන ණය පියවිම සඳහා රුපියල් 1672900000 ක මුදලක් ලබාගැනීම ඇතුළු හදිසි අවශ්‍යතා අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් කෝටි 1100 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (5) ඉදිරිපත් කෙළේය.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ණය ඉපිලුම් වියදම් සඳහා වන ප්‍රතිපාදන ඌණතාවය සඳහා වූ මෙම අතිරේක ප්‍රතිපාදනය ඔක්තොම්බර් 10දා ලබාදී ඇති අතර එය පුනරාවර්තන වියදමක් ලෙස ගණනය කැර ඇත.

නියං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 1000,000,000ක්ද ගාල්ල දිස්ත්‍රීක්කයේ නායයාම්වලින් හානි වූ නිවාස සඳහා රුපියල් 200,000,000ක්ද ගංවතුරින් නිවාස අහිමි වූ නිවැසියන්ට කුලී දිමනාවක් ලබාදිමට රුපියල් 790,90500 ක් ඇතුළුව ශිර්ෂ 99ක් යටතේ රුපියල් 7498483793ක පුනරාවර්තන වියදමක් හා රුපියල් 3508991652ක මූලධන වියදමක් ලෙස මෙම පරිපූරකය ඉදිරිපත් කැර ඇත. මීට අමතරව රාජ්‍ය ආයතනවල පඩි නඩි ගෙවීම්, වැඩිකළ අතිකාල සඳහා අමතර වියදම්ද මෙම පරිපූරකයට ඇතුළත් කර ඇත.

Read more

Local News