JMI තහනම් සංවිධානයේ තිදෙනෙකු අත්අඩංගුවට

Share

මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ ජේ.එම්.අයි සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම පසුගිය දිනවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Read more

Local News