යහපත් අනාගතයක් සඳහා කළ යුතු දේ ජනපති කියයි

Share

රටේ පවතින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ,ස්මාර්ට් ශ්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුගස්තොට රාහුල විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ පැවති ,ස්මාර්ට් ශ්‍රී  ලංකා, තරුණ ජන හමුව අමතමිනි.

නිපුණතා පිරි තාරුණ්‍යය සවිබල ගන්වමින් ස්ථාපිත කෙරුණු මහනුවර දිස්ත්‍රික් ,ස්මාර්ට් ශ්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය අද පෙරවරුවේ පළමුව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

කටුගස්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු ගොඩනැගිල්ලක සියලූ පහසුකම් සහිතව මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

Read more

Local News