ජවිපෙ ජාතික ජනබලවේගය අදයි

Share

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පැවැත්වේ.

ගාලු මුවදොර පිටියේදී අද පස්වරුවේ එම රැළිය පැවත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පමණ පසුවයි.

1999 වසරේදී නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් තුන්වන ස්ථානය දිනා ගත්තේය.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේ සරත් ෆොන්සේකා මහතාටත්, 2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමි විය.

මේ වනවිට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පමණක් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර ඇත්තේ අපේක්ෂකයා නම් කිරීම සහ සන්ධානය පිහිටුවීම එකම දිනකදී සිදුකිරීමටයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලබන මස 03 වනදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරනු ඇති

Read more

Local News