රටේ සංවර්ධනය අඩාල වු හේතුව මෙන්න

Share

ජාතීන් අතර පැවැති අසමගිය හේතුවෙන් මෙරට සංවර්ධන කටයුතු අඩාලවිමට ප්‍රධාන හේතුවක් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කොත්මලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කහත්තේවෙල චන්ද්‍රජෝති නාහිමියන් වෙත අක්ත්‍ර පත්‍ර ප්‍රදාන කිරිමේ උත්සවය සියම් මහා නිකාවේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එම අවස්ථාවට එක්වෙමින් කතානායක කරූ ජයසූරිය  මහතා මෙම අදහස් පල කළේය.

ශ්‍රී ලංකාව අවුරුදු 71ක් ආ පස්සට ගිය රටක් බවද එතුමා එහිදී පැවසීය.

නිදහස ලබන්න විට ජපානය සහ ශ්‍රී ලංකාව අතර කිසිඳු වෙනසක් නොතිබුණ බවත් පසුව ජපානය සීඝ්‍රයෙන් දියුණු වුවත් අප රටට එය සිදු නොවුණු බවද එතුමා පැහැදිලි කළේය.

පසුගිය කාලයේ සිදු වු සිද්ධීන් සමඟම මහා සංඝ රත්නයට විශාල වගකීම්  තිබෙන බවත් තමන්ට තිබෙන අයිතිවාසිකම් ගැන නොතකා වගකීම් ඉටු කිීමට කටයුතු කළ යුතු බවද කථානායකවරයා පවසයි.

මේ වන විට අනෙකුත් ආගමික නායකයින්ද ඉදිරියට පැමිණ සිය වගකීම් ඉටු කිරීමට පෙළඹී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම නසි ජාති බෙද ආගම් බෙද අතහැර සියල්ලෝම කටයුතු කළ  යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Read more

Local News