Tuesday, March 19, 2024.

යතුරුපැදි-මොටර් රථ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

Share

නුවරඑළිය සිට මීගමුව දක්වා ධාවනය වු යතුරුපැදියක් මොටර් රථයක ගැටී සිදුවු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නුවරඑළිය සිට මීගමුව දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු මොටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයෙක් රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇත.

අද (19) උදැසන 10.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදීය.

අනතුරෙන් මියගොස් ඇත්තේ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

Read more

Local News