ප්‍රදේශ කිහිපයකට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි සහ සුළං

Share

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ මධ්‍යම හා උතුර යන පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුර, උතුර මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින වටා මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි බැවින් ධිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News