උලපනේදි දුම්රියක් පීලි පනි – උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා

Share

මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමට ලක්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

අද (24) උදැසන 9.00ට පමණ ධාවනය වෙමින් තිබු දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පිලිපැන ඇති බවත්, පිලි පැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

පිලිපැනිමට ලක් වු දුම්රියේ සංචාරකයන් විශාල පිරිසක් සිටි බවත්, ඔවුන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියකින් පිටත් කිරීමට කටයුතු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

දුම්රිය පිලි පැනීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රියවල ගමන් ගන්නා මගින්ව එම දුම්රිය ස්ථාන දෙක අතර බස් රථවලින් රැගෙන යාමට කටයුතු කරන බව පාලක මැදිරිය සඳහන් කළේය.

පිලි පැනිමට ලක් වු දුම්රිය කඩිනමින් පිලිගත කිරීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News