උතුරු පළාත් ආණ්ඩුකාර හා මෙරට කැනඩා රාජ්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

Share

මෙරට කැනඩා රාජ්‍ය මහ කොමසාරිස් ඩේවිඩි මැකිනොන් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් පැවැත්විණ.

ඊයේ(26) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැති බව වාර්තා වෙයි.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්වය හා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු උතුරු පළාතේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මුලික වශයෙන් එහිදි සාකච්ජා පැවැත්වූහ.

යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කරනු ලැබීය.

සාකච්ජාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ රජය සෑම අවස්ථාවකම උතුරේ ජනතාවගේ ජන ජිවිතය නංවාලීමට අවහ්‍ය සියළු සහයෝගය ලබාදෙන බවයි.

උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු හා ඒ වෙනුවෙන් කැනඩා රජයේ  සහයෝගය ලබාදෙන ලෙසටද ආණ්ඩුකාරවරයා ඉල්ලීම් කරනු ලැබීය.

සාකච්ජාවන් වෙනුවෙන් ගැටුම් විශ්ලේෂකයින් වන ෂර්මලා නයි‍ඩෝ මහත්මිය, කැනඩා මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් කණ්ඩායමක් හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News