ජනතාව කැමති අපේක්ෂකයාව එජාපයෙන් ඉදිරිපත් කරනවා

Share

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජනතාව අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකයාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන බවට තමන් තුළ සහ රටේ ජනතාව තුළ විශ්වාසයක් ඇති බව විශේෂ සංවර්ධන අමාත්‍ය වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “හොඳම පාසල ලඟම පාසල” සංකල්පය යටතේ කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන නාවලපිටිය හපුගස්තලාව හල් මිනාඩ් ජාතික පාසලේ අද (27) පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, කිසිවෙක් කලබල විය යුතු නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ ජනතාව සහ තමන් අපේක්ෂා කරන නායකයා බවයි.

එය එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාරයක් බවත්, එම කාර්යය භාරය නිසි ලෙස ඉටු කරන තෙක් රටේ ජනතාව බලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News