යුද හමුදාපති හා ජනපති හමුවෙයි

Share

ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලූතිනන් ජනරාල් වේන්ද්‍ර සිල්වා මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

යුද හමුදාපතිධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදාය ඉටුකරමින් මෙම හමුව සිදුවිය.

එම අවස්ථාව සංකේතවත් කරමින් නව යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

 

Read more

Local News