ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයේ මූලික කටයුතු අවසන්

Share

2019 වර්ෂයට අදාල ඡන්ද හිමියන් ගණන් ගැනීමේ මූලික අදියරේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව පැෆ්රල් සංවිධානයේ, විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව ඊට අදාල ලේඛන 2019 අගෝස්තු 23 වන දින සිට සැප්තැම්බර් 19 දින දක්වා ප‍්‍රදර්ශනය කිරීමට නියමිත බව ද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

එයින් තමන්ගේ නම ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පරීක්ෂා කර ලියාපදිංචිය සඳහා කටයුතු කර නොමැති නම් අදාල කාල සීමාව තුළ හිමිකම් ඉල්ලීම සඳහා අවස්ථාව සලසා ඇත.

ඊට අමතරව ඔබගේ හෝ ඔබගේ පවුලේ අයගේ නම් ඇතුළත්ව නොමැති නම් හෝ නම්වල අඩුපාඩු ඇත්නම් එකී අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා හිමිකම් ඉල්ලූම් කළ හැක. එමෙන්ම සුදුසුකම් නොමැති අයෙකු යම් ගෘහයකට අදාල ලියාපදිංචි වී ඇත්නම් ඊට විරෝධතා ඉදිරිපත් කිරීමටද ඔබට හැකියාව තිබේ.

පහත සඳහන් ප‍්‍රදර්ශන ස්ථානවලදී දැනට සකස් කර ඇති මූලික කෙටුම්පත පරීක්ෂා කළ හැකි අතර හිමිකම් ඉල්ලීමක් හෝ විරෝධතා ඉදිරිපත් කිරීමක් සඳහා වන ඉල්ලූම් පත් අදාල ප‍්‍රදර්ශන ස්ථානවලින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

අදාල දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලය
අදාල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය
අදාල පළාත් පාලන ආයතනය
අදාල ග‍්‍රාම නිලධාරී කාර්යාලය

නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත් 2019 සැප්තැම්බර් 19 වන දිනට ප‍්‍රථම අදාල දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ද පැෆරල් සංවිධානය පවසයි.

Read more

Local News