යටිකූට්ටු වැඩක් ගැන හකීම් කියයි

Share

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීමෙන් පසුව සන්ධානය සමඟ එකතු වීම සිදු කරන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අද(28) කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මැතිවරණයට මුහුණ දීමට නම් ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයෙක් ඉදිරිපත් විය යුතු බවත් ඒ තීරණය එක්සත් ජාතික පක්ෂය විසින් ගත යුතු බවත් හකීම් මහතා පවසයි.

ඒ පෞරුෂය දෙස බලා එයට එකඟ වෙන්නේ ද යන තීරණයට තම පක්ෂයට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාවගේ කැමැත්ත ඇත්නම් එය එක්සත් ජාතික පක්ෂය පිළිගෙන තීරණයකට පැමිණිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

තම පක්ෂයකට කිසිදු පැත්තකට යෑමට අවශ්‍ය නොවන බවත් තනිව තරග කිරීමට අවශ්‍ය නම් හැකියාව තිබෙන බවත් හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තීරණයක් නැති වීම රටේ ජනතාවට පවා අද වන විට ප්‍රශ්නයක් බවත්, ජනප්‍රියතාවය හිමිව ඇත්තේ කාටද යන්න ගැන එක්සත් ජාතික පක්ෂයකට තීරණයට පැමිණීමට නොහැකි වී ඇත්නම් එය

ඊයේ දිනයේ දී අගමැතිවරයා ජනාධිපතිවරයා හමුවී රවී කරුණානායක මහතා සමඟ විදායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට සහය ඉල්ලා ඇතැයි ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර, එවැනි යටිකූට්ටු වැඩක් කිරීම නිතීවිරෝධි යැයි ද පැවසීය.

Read more

Local News