අයිස් සහ හෂිස් සමඟ පුද්ගලයෙක් වැල්ලවත්තේ දී අත්අඩංගුවට

Share

අයිස් සහ හෂිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වැල්ලවත්ත, රුද්‍රා මාවත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 02යි ග්‍රැම් 36ක් සහ හෂිස් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 06ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සංවිධානාත්මක අපරාධන නිවාරණ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News