Home දේශීය පුවත් ගෝඨා ජයගතහොත් සිදුවන දෑ මුජිබර් කියයි

ගෝඨා ජයගතහොත් සිදුවන දෑ මුජිබර් කියයි

0
ගෝඨා ජයගතහොත් සිදුවන දෑ මුජිබර් කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් රට අනාරක්ෂිත තත්ත්වයකට පත් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කොළඹ මෝදර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ රාජ්‍ය නායකයා වීමට මත්තෙන් විශේෂ තනතුරක් ලෙස ආරක්ෂක ලේකම් ධූරය දැරූ බවත් පැවසු රහුමාන් මහතා, ඒ කාලයේ දී මාධ්‍ය නිදහස, පුද්ගලික නිදහස හා සමාජ පුරවැසි නිදහස සියලු දේ වැළකී ගිය බවද පැවසීය.

ඒ කාලයේ දී මාධ්‍යවේදීන්ට පහර දුන් බවත් මාධ්‍ය ආයතනවලට පහර දෙමින් බොහෝ හිරි හැර සිදු කල බවත් පැවසු මන්ත්‍රීවරයා, ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී එවැනි තත්ත්වයක් තිබුණේ නම් ඔහු ජනාධිපති වීමෙන් පසුව කෙබදු තත්ත්වයක් ඇති වේද යන්න ජනතාව කල්පනා කර බැලිය යුතු බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here