ජලය ඉල්ලා වැල්ලවායේ ජනතාව උද්ඝෝෂණයක

Share

වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ ජනතාව ජල ගැටලුවක් හේතුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අද (02) උදෑසන ආරම්භ කර ඇති මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග ද අවහිර වී ඇත.

දින ගණනාවක් තිස්සේ ජලය නොමැතිකම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

වගකිව යුතු බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටියි.

පස්වරු 1.30න් පසුව පාසල් දරුවන්ද සමඟ උපවාසයක් සඳහා ද මෙම උද්ඝෝෂණකරුවන් සුදානමින් සිටින බව වාර්තා වෙයි.

Read more

Local News