තහනම් ධීවර දැල් තොගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ යාපනය, විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (02) දින යාපනය ප්‍රදේශයේදී තහනම් දැල් කිලෝග්‍රෑම් 14.4 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය සහ යාපනය, විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය නගරය ආශ්‍රිතව සිදුකරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී තහනම් නයිලෝන් ධීවර දැල් විකිණීම සඳහා ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයා පිළිබඳ වැඩිදුර පරීක්ෂා කිරීමේදි ඔහු සතුව තිබී තහනම් ධීවර දැල් කිලෝග්‍රෑම් 14.4 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඔහු වයස අවුරුදු 38 වන වියෙහි පසුවන කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා සහ ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර අධ්‍යක්ෂක වෙත බාරදෙන ලදි.

Read more

Local News