ශ්‍රීලනිපය වල දාන්න බැහැ – උතුරුමැද පළාත් ආණ්ඩුකාර

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වල දැමිය නොහැකි බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.

ඊයේ(02) පස්වරුවේ මහනුවර මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා මේ බව පැවසීය.

“දැන් මේ තත්ත්වය පළවෙනි වතාවට සිද්ධ වුණ දෙයක් නෙමෙයි. මේක අළුත් දෙයක් නෙමෙයි. ඕනෑ තරම් අවස්ථාවල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය විවිධ පක්ෂවලට ගිහින් තියනවා.

විවිධ පක්ෂ හදලා තියනවා. ඒ හැම අවස්ථාවකදිම.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩක් පසු බෑමකට ලක්වෙලා හිටපු අවස්ථාවන් ඕනෑතරම් තියනවා.

චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතියනයත් පක්ෂයත් හැදුවා. පක්ෂයේ ප්‍රභලයන් විසිනුත් පක්ෂ හැදුවා. ඒ මැත ඉතිහාසය ගත් විට. 2001 වෙන කොට. අපේ නිදහස් පක්ෂයේ ප්‍රභලයන් විදිහට කණ්ඩායමක්. එක්සත් ජාතික පක්ෂයටත් ගියානේ. ඔය සියලු දේවල් සිද්ධ වුණත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුනේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම හිටියා. “

Read more

Local News