අවුරුදු 25ක ත්‍රස්තවාදයෙන් අපි පීඩා වින්දා

Share

ශ්‍රි ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 4ක් හුවමාරු කරගෙන තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය අතරතුරදීයි.

ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය අතරතුරදී ඊයේ(02) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති මන්දිරයට පැමිණි වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මුණ ගැසුණි.

දෙපාර්ශ්වය අතර නිල සාකච්ඡා ඇරඹුනේ ඉන් අනතුරුවයි.

මෙහිදි දෙරට අතර වීසා නිකුත් කිරිම,තවදුරටත් පහසු කිරිම ,සමාජ ආරක්ෂණය,උසස් අධ්‍යාපනය,වෘත්තිය පුහුණුව සහ තරුණ සංවර්ධනය යන කේෂත්‍රයන් සම්බන්ධ අවබෝධතා ගිවිසුම් හතරක් හුවමාරු කරගැනිමද සිදුකෙරුණි.

මේ අතර ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය.

“අවුරුදු 25ක ත්‍රස්තවාදයෙන් අපි පීඩා වින්දා. අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් මෙහෙයවනු ලැබු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, සාමාන්‍ය ත්‍රස්ත ප්‍රහාරයකට වඩා කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා.

මේ ඛේදනීය අත්දැකිමෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අයි.එස්.අයි.එස්. ප්‍රහාරයකට මුහුණදීමට කලාපීය වශයෙන් සියලු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරිමට ශ්‍රි ලංකාව සූදානමින් පසුවනවා.

අද වනවිට බලපා ඇති කාලගුණ විපර්යාස අපි සියලු දෙනාට බලපා තිබෙන මඟ නොහැරිය හැකි තර්ජනයක්.

ඔබේ දිවයින මුහුදු ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙනවා.

මුහුදු මට්ටම ඉහළ යාම සහ හරිතාගාර ආචරණයට එරෙහිව ඔබ කරන සටනට ඕනෑම ආකාරයක සහාය දැක්විමට අප සූදානම් බව මම සහතික කරනවා.

මම ජනාධිපති සෝලිට යෝජනා කරනවා මේ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවක් වෙත යොමුවීමට එක්ව කටයුතු කරමු කියලා.“

Read more

Local News