සාමය හා සහජීවනය රට තුළ ඇති කරන නායකයෙකුට සහයෝගය

Share

තම පක්ෂය සහාය ලබා දෙන්නේ කුමන ජනාධිපතිධුර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව තීරණය ගනු ලබන්නේ ජනාධිපතිවරණය සඳහා දින නියමවීමෙන් පසුව බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් වර්තමාන දේශපාලනය පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පක්ෂය ඉවසීමෙන් කුමක් සිදු වේදැයි බලා සිටින බවත් පැවසීය.

ප්‍රශ්නය – එක්සත් ජාතික පෙරමුණ ලෙස කුමන සාකච්ඡා ද යන්නේ ඔබ තුමාලා?

දැනට එක්සත් ජාතික පෙරමුණේ සන්ධාන ආණ්ඩුවේ සිටින බවත් පැවසු අමාත්‍යවරයා, අලුත් සන්ධාන හදන එක සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා කරන අතර ඒ ගැන ස්ථීර තීන්දුවක් නොමැති බවත් කියා සිටියේය.

ප්‍රශ්නය – ඔබ තුමන්ලා දේශපාලන පක්ෂයක් විදියට මොනවගේ අපේක්ෂකයෙක්ට ද සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන්නේ ?

මේ ගැන කලින් පවසා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, රටට ආදරය ඇති, සාමය හා සහජීවනය රට තුළ ඇති කරන, ආර්ථිකය ගොඩ ගත හැකි නායකයෙකුට සහයෝගය ලබා දෙන බවත් සඳහන් කළේය.

ප්‍රශ්නය – සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන බවට සාකච්ඡාවක් ඇති බවට ආරංචියි?

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ තීන්දුවකට පැමිණිය යුතු බවත් පැවසු අමාත්‍යවරයා, ඉන් අනතුරුව තම පක්ෂය තීරණයක් ගන්නා බවත් පැවසීය.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂය තීන්දුවකට ආවොත් ඔබ තුමන්ලාගේ සහයෝගය ලබා දෙනවා ද සජිත් ප්‍රේමදාස මහතාට?

“ඒ වේලාවේදී ඒ ගැන බලමු“ යනුවෙන් පැවසු අමාත්‍යවරයා, මැතිවරණය කවදා ද යන්න පිළිබඳව හෝ නිශ්චිත දිනයක් නොමැති බව කියා සිටියේය.

ප්‍රශ්නය – රාජපක්ෂවරුන්ගෙන් ආරාධනාවක් නැද්ද?

“බලමු වෙලාවට අපි කියන්නම්“ යැයි පැවසීය.

ප්‍රශ්නය – අගමැතිවරයා සහයෝගයක් ඉල්ලා සිටියා ද ?

අපි කොහොමත් අගමැතිවරයා සමඟ එක්සත් ජාතික පෙරමුණේ ඇමතිධුරයක් දරන බවත් පැවසු අමාත්‍යවරයා අවසන් තීන්දුව නාමයෝජනා ලබා දෙන මොහොතේ ගන්නා බවත් පැවසීය.

Read more

Local News