බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනපති යයි

Share

දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති,ආගම් භේදයකින් තොරව සියලූ දෙනා එක්වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපතිවරයා පවසයි.

උතුම් මහමත් තුමාගේ ඉගැන්වීම ද එය බව ජනාධිපතිවරයා සිහිපත් කළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළකරමිනි.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය,වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත් වෙන සමුළුවේ සිව්වන දිනය වන අද දින සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා ඔවුන් වෙත සියසුභාශිංසන පිරිනැමීය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමයට කැපවූ ප්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත් වීම රටට ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත්ය.

“අපට ශ්‍රී ලංකාව විශ්වාසයි” “We Believe in SriLanka” ” යන තේමාව යටතේ රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21,000 ක සහභාගිත්වයෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත් වෙන අතර විදේශ රටවල බෝරාවරුන් 18,500ක පමණ පිරිසක් ඊට එක්ව සිටින අතර ශ්‍රී ලාංකික බෝරාවරුන් 2,500ක් පමණ සහභාගී වී සිටිති.

සියලූ ජනකොටස් හා ආගමිකයන් අතර සාමය සහ විශ්වාසය ගොඩ නංවිමන් ශ්‍රී ලංකාව තුළ ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් ලබාදීම අන්තවාදය බැහැර කළ, සාමයට කැපවූ බෝරාවරුන්ගේ මෙම සුමළුවේ අරමුණ වන අතර ශ්‍රී ලංකාව සංචාරයට සහ වෙළෙඳාමට සුදුසු රටක් බව ලොවට කියා පෑම ද මෙහි තවත් අරමුණකි.

ඩොලර් මිලියන 31ක විදේශවිනිමයක් මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවට ගණන් බලා ඇත.

මෙවැනි සමුළුවක්මින් ඉහත දී 2007 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර 7000ක පමණපිරිසක් ඊට එක්වූහ.

පා.ම ෆයිසර් මුස්තාපා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News