එජාපයේ කිසි ගැටළුවක් නැති බව කබීර් කියයි

Share

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද(04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

බොහෝ දෙනෙක් මාධ්‍ය තුළින් විවිධ මත පළ කරන බවත් පැවසු අමාත්‍යවරයා, ප්‍රතිවාදීන් මෙය වැඩි වශයෙන් සිදු කරන බව කියා සිටියේය.

ඔවුන් එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න වැළක් ඇති බව පැවසුවත් එවැනි දෙයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟියෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු ගන්නා පක්ෂයක් බවත් පැවසු අමාත්‍යවරයා, පක්ෂ මුලස්ථානයේ මැතිවරණ වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසීය.

පක්ෂයේ වැඩ කටයුතු මහලේකම්වරයා සමඟ එකතු වී සාකච්ඡා කරමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා තවත් දින කීපයක් ඇතුළත අගමැතිවරයා සමඟ ගන්නා සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණය පිළිබඳ ගන්නා පියවර ගැන රට දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

Read more

Local News