වැලිකන්ද ගොවිපලක කළමණාකරු සිය දිවි නසා ගනී

Share

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වැලිකන්ද සිංහපුර පිහිටි ගොවිපලේ කළමණාකාරවරයා අද (05) උදෑසන ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද කන්දකාඩු අංක 143 ලිපිනයේ පදිංචි 47 වියැති සිවු දරු පියෙකි.

ගොවිපොලෙහි මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය විමත් සමඟ ඔහු මෙලෙස වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පරික්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සැක පල කරයි.

මේ සම්බක්ධයෙන් වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News