Home දේශීය පුවත් කාලකණ්ණි යුගයක් අපි අවසන් කරලා ආවේ

කාලකණ්ණි යුගයක් අපි අවසන් කරලා ආවේ

0
කාලකණ්ණි යුගයක් අපි අවසන් කරලා ආවේ

යහපාලන ආණ්ඩුව ජනතාවට ලබා දුන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මොණරාගල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“කාලකණ්ණි යුගයක් අපි අවසන් කරලා ආවේ. දැන් මේවා සමහරුන්ට තනතුරු ගත්තාට පස්සෙ අමතක වුණා.

අපිට අමතක වු‍ණේ නෑ. අපි ඒ සටන දිගටම ගෙනිච්චා. ඒ සටනේ සමහර ඒවා අපි සාර්ථක වුණා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, අයිතිය, ලබා දුන්නා.

අද උතුරේ මිනිස්සු පාරට බහිනවා. සටන් පාඨ කියනවා. සත්‍රයග්‍රහ කරනවා. පෙළපාලි යනවා. කොච්චර සුන්දරද?

තනතුරු ගත්තාට පස්සේ පුද්ගලයෝ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරාට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ.

අපි අපේ ප්‍රතිපත්ති කවදාවත් වෙනස් කරන්නේ නෑ. අපි මිනිස්සුන්ට කියපු දේවල් සඳහා අපි සටන් වදිනවා. ඒ සඳහා ඕනෑම දුක්ඛිත තත්ත්වයකට අපි මුහුණ දෙනවා.

අපිට තාම බැරිවුණා මිනී මරුවෝ අල්ලන්න, මහා පරිමාණ හොරු අල්ලන්න. අපි ඒකෙදි අසාර්ථකයි අපි පිළිගන්නට ඕනෙ.

අපි දුන්නා පොරොන්දු මිනිස්සුන්ට. අපි කරන්නේ නැත්තන් අපි පොරොන්දු වෙන්න හොඳ නෑ. ඒකියි මගේ ප්‍රතිපත්තිය.

කරන්න පුළුවන් දේවල් අපි කියනවා. අපි හිතුවේ නෑ බැහැයි කියලා.

මේ රජය කරන්න පුළුවන් හැම එකක්ම කළා. මේ රජයේ අඩු පාඩු තියෙනවා. මේ රජයේ වැරදි තියෙනවා. වැරදි අඩුපාඩු නැති ඒවා නෑ. නමුත් තිබුණ රජයන් එක්ක බලද්දි ඉතාමත්ම අල්පයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here