සජිත් හා රනිල් එකතු වී එක් බලවේගයක් ඇති කරයිද ?

Share

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී අවසන් තීරණයක් ගනු ඇති බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(06) පෙරවරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයට වෙත කැඳවා තිබුණි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨයින් රැසක් අද පෙරවරුවේ අරලියගහමන්දිරය වෙත පැමිණියේය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ, අගමැතිවරයා ඉතාමත් නම්‍යශීලි විකල්ප කීපයක් ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා හා අගමැතිවරයා එකතු වී එක් බලවේගයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවට සාකච්ඡා වු බවත්, අගමැතිවරයා විසින් පක්ෂය ජයග්‍රහණය කරන ආකාරය ඉතා ලස්සනට ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා නොව වෙනත් ඕනෑම බලවේගයකට වඩා ඉදිරියෙන් කටයුතු කිරීමට ඒ තුළින් හැකියාව ලැබෙන බවත් අගමැතිවරයා පැවසු බවද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී කියා සිටියේය.

අපේක්ෂකයෝ තිදෙනෙක් සිටින බවත් පැවසු අමාත්‍යවරයා, කරූ ජයසුරිය මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිවරයා කථා කර ඉදිරියේ දී පක්ෂයේ නායකයා කවුරුන් ද, ජනාධිපති කවුද, අගමැති කවුද යන්න පිළිබඳ හෙළි කරනු ඇතැයි ද පැවසීය.

Read more

Local News