නව දහම් පාසල් දහසක් – සජිත්

Share

මෙම වසර තුළ නව දහම් පාසල් දහසක් ඉදිකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සිසු දහම් සෙවණ වැඩසටහනින් පුත්තලම, වනාතවිල්ලුව මොණරවැව සිරි ගුණරතනාරාම විහාරස්ථානයේ ඉදිකළ ස්වර්ණ මයුර දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මත මීට වැයකළ මුදල රුපියල් ලක්ෂ 40කි.

Read more

Local News