Home දේශීය පුවත් රනිල් – සජිත් සාකච්ඡාව කල් දමයි

රනිල් – සජිත් සාකච්ඡාව කල් දමයි

0
රනිල් – සජිත් සාකච්ඡාව කල් දමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව කල් දමා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ සාකච්ඡාව ලබන අගහරුවාදා දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදසා මහතා අතර සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබුණි.

ඒ අනුව අදාළ සාකච්ඡාව අද දිනයේ අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළින් යොදාගෙන ඇති විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් එම සාකච්ඡාව කල්දමා ඇති බවයි වාර්තා වන්නේය.

කෙසේවෙතත් එම සාකච්ඡාව අගහරුවාදා දිනය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹිමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here