හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනෙක්ගෙන් දින 7ක් ප්‍රශ්න කෙරේ

Share

කුරුණෑගල නගරයේ මහා පරිමාණ ලෙස හෙරොයින් මත්කුඩු ජවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා සහ තවත් අයෙකු දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර අනෙක් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 240ක් සහ රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑපන්දහසක පමණ මුදලක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

Read more

Local News