අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළේ වත්මන් ආණ්ඩුව

Share

නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී එම පරිශ්‍රයේ ඉදිකළ පරිපාලන හා තක්සේරුකරණ දෙමහල් ගොඩනැඟිල්ල පළමුව අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණි.

අනතුරුව ශ්‍රවණාගාරය හා සුහුරු පන්තිකාමර සහිත ගොඩනැගිල්ල ද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන ආයතනයක් මෙහි සමාරම්භක අවස්ථාව සඳහා තෝරාගැනීම විශේෂත්වයක්.

මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පවසා සිටියේ, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යයට මුදල් ආයෝජනය කර ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන් බව තමා ආඩම්බරයෙන් පවසන බවත් කියා සිටියේය.

එක් දිනක දී පාසල් ගොඩනැඟිලි 500ක් අද දවසේ විවෘත වුවත් එක් කාලයක දී වසරකට හෝ එවැනි ගොඩනැඟිල්ලක් විවෘත නොවු බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News