පළමු මාස 9 තුළ මූල්‍ය අංශයේ හොඳ මූල්‍ය ස්ථාවරයක් ඇති වී තිබුණා – ආණ්ඩුවේ අරමුණ ණය ලබාගැනීම අඩු කිරීමයි

Share

පළමු මාස 9 තුළ මූල්‍ය අංශයේ හොඳ මූල්‍ය ස්ථාවරයක් ඇති වී තිබුණු බවත් ආණ්ඩුවේ අරමුණ ණය ලබාගැනීම අඩු කිරීම බවත් මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විසර්ජන (සංශෝධන ) පනත් කෙටුම්පත, ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලිත බදු පනත් කෙටුම්පත, ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය, ආනයන හා අපනයන (පාලන ) යටතේ නියෝග දෙකක්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව ඇතුළු පනත්කෙටුම්පත්, නිවේදන, හා නියෝග  විවාදයට ගැණුනු අවස්ථවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

2016 අයවැය පනත යටතේ පළමු මාස 9 තුළ මධ්‍යස්ත කාර්ය සාධනයක් තිබුණා. කාලගුණය අයහපත් නිසා කෘෂිකර්මාන්තයට හානි වුණා. අඩු වර්ධනයක් පෙන්වූවා. නියඟය,ගංවතුර කෘෂිකර්මාන්තයට අයහපත් බලපෑමක් ඇති කළා ආර්ථිකයට බලපෑවා. ආනයනය කළ බඩු වල ප්‍රමාණය ,වියදම වැඩි වුණා. උද්ධමනය වැඩි වුණා. පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඩු වුණා.

මූල්‍ය අංශය පළමු මාස 9 තුළ හොඳ මූල්‍ය ස්ථවරයක් ඇති වුණා. අයි.එම්.එෆ් ණය සහන ලබාදුන්නා. අප ඉදිරිපත් කළ බදු සංශෝධන කෙටුම්පත අප්‍රේල් මස තෙක් ක්‍රියාත්මක වන්නේ නෑ. වැඩි වියදම් දරන්න සිදු වුණා උවදුරු අවම කිරීමට. සහන ලබාදෙන්න සිදු වුණා. කාලගුණ උවදුරුවලට පහසුකම් සැලසීම ඉලක්ක ගත කණ්ඩයම් වෙත ලබාදිය යුතුයි. ණය සේවා ඉහළ ගියා. 2017 බිලියන 625ක ප්‍රමාණයක් පැවැතුණා, ආණ්ඩුවට අයවැයෙන් සැලසුම් නොකළ දේ වෙනුවෙන් වියදම් දැරීමට සිදුවෙනවා. ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අරමුණ ණය ලබාගැනීම අඩු කිරීමටයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News