ඉංගිරියේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට

Share

පාදුක්ක පොලිස් වසමේ මීපේ, ඉංගිරිය ‍මාර්ගයේ ඉහළ බෝපේ හන්දිය අසල දී ඊයේ (09) සවස සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉංගිරිය දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

එහිදී අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහල වෙත මාරු කර යවා ඇති අතර පසුව මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ‍මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වු අංගම්පිටිය, පාදුක්ක ලිපිනයේ පදිංචි තේවර්ගේ නිලක්ෂ දිල්ෂාන් නැමති තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබෙන අතර පාදුක්ක පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News