ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාමගේ විරෝධතාව ප්‍රතික්ෂේප වෙයි

Share

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහනාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් පැමිණිල්ලට එරෙහිව ගොනුකර තිබූ විරෝධතාව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා ලැබ සිටින ඔවුන් දෙදෙනා අදාළ විරෝධතාව ගොනු කළේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිචෝදනා ගොනු කර ඇත්තේ, එම කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අනුමැතිය හා විධානය ඇතිව බවට සනාථ කරලීමට ලේඛන ඉදිරිපත් කර නැතැයි පවසමිනි.

එහෙත් එය සනාථ කෙරෙන සහතිකයක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කර තිබියදී ගොනු කළ විරෝධතාව පදනමක් නැතැයි, නිගමනය කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල අදාළ විත්තියේ විරෝධතාව ප්‍රතික්ෂේප කළේ ය.

Read more

Local News