මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහලට – ධීවර, නාවුක ප්‍රජාව සැලකිලිමත් වන්න

Share

දිවයිනට නිරත දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් අතර ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින අතර ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් දන්වා තිබේ.

තවද පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

Read more

Local News