වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙඳුන් 200කට නඩු පවරයි

Share

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙඳුන් 200 දෙනෙකුට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා සඳහන් කළේ, දින පහක් තුළ කළ දීපව්‍යාප්ත වැටලීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර පැරණි මිල ගණන් යටතේ ම තිරිඟු පිටි අලෙවි කිරිමට සමාගම් එකඟතාව පළ කළ බව ජීවන වියදම් කමිටුව ඊයේ ප්‍රකාශ කළේ ය.

එහි සාමාජිකයෙකු සඳහන් කළේ, අදාළ එකඟතා පිළිබඳ අවසන් තීරණය සිංගප්පුරුවේ පිහිටි සිය මව් සමාගම්වලට දැනුම් දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව, එම සමාගම් දැනුම් දුන් බවයි.

පසුගිය 6 වැනිදා සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමාගම් පියවර ගැනිණ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරවයි.

Read more

Local News