බෝවතැන්න ජලාශය අවට කැළිකසල ගොඩ ගැසේ (ඡායාරූප)

Share

මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමඟ දිය නෑමට ඇතුළු අනෙකුත් කටයුතු සඳහා බෝවතැන්න ජලාශය භාවිත කරන පිරිස වැඩි පිරිසක් අපද්‍රව්‍ය ජලාශය ආසන්නයට මුදා හරින බවට ප්‍රදේශවාසින් චෝදනා එල්ල කරයි.

මේ වන විටත්  කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවද ඔවුහු පවසති.

දිය නෑමට අමතරව බොහෝ පිරිස් තමන්ගේ රථවාහන බෝවතැන්න ජලාශයට දමා සේදීම හේතුවෙන් එම ඉන්ධන ද ජලාශයට මුසු වන බව ද ප්‍රදේශවාසීහු කියා සිටිති.

දිය නෑමට පැමිණෙන බොහෝ පිරිස් ඉවතලන අපද්‍රව්‍ය ජලාශය අවට මේ වන විට ගොඩගැසී ඇත.

ඊට අමතරව විවිධ පුද්ගලයන් විසින් මත්පැන් පානය කොට ඉවත දමන ලද හිස් බෝතල් ද ජලාශය අවට දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර ඇත.

බෝවතැන්න ජලාශයට දියවර නිකුත් කෙරෙන මොරගහකන්ද ජලාශය දක්වා මෙම කැළි කසළ පැතිර යන බව පරිසර සංවිධාන පවසයි.

අවිධිමත් කැළි කසල බැහැර කිරීම හේතුවෙන් බෝවතැන්න ජලාශය ආශ්‍රිතව ජීවත් වන ජලජ ජීවීන්ට ද එදිනෙදා අවශ්‍යතාවන්ට  ජලය ලබා ගන්නා ගම්වාසීන්ට ද මෙය බරපතළ ගැටළුවක් බවට පත්ව ඇත.

Read more

Local News