හිටපු ජනපති මුගාබේගේ අවසන් කටයුතු ලබන ඉරිදා

Share

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට නියමිතයි.

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ ගේ දේහය එරටට රැගෙන විත් තිබේ.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී  ඔහු අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 6 වැනිදායි.

නිදහසින් පසු සිම්බාබ්වේ පාලනය කළ පළමු නායකයා වන්නේ රොබර්ට් මුගාබේයි.

මිය යන විට ඔහු අනූපස් වෙනි වියේ පසු විය.

තිස්හත් වසරක් බලයේ රැඳී සිටි මුගාබේ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව බලයෙන් පහ කෙරුණේ 2017 වසරේදී.

හිටපු සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ ගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන ඉරිදා දිනයේ සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ සිරුර මිහිදන් කරන නිශ්චිත ස්ථානයක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ.

මේ අතර දේහය රැගත් යානය හරාරේ අගනුවර  ගේබ්‍රියල් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන එන තුරු විශාල පිරිසක් එහි රැඳී සිට තිබෙනවා.

මේ වනවිට මුගාබේගේ දේහය ඔහු පදිංචිව සිටි හරාරේ අගනුවර පිහිටි බ්ලූ රූෆ් මන්දිරය වෙත රැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News