ප්‍රංශයේ හදිසි අවස්ථා සෞඛ්‍ය සේවකයන් විරෝධතාවක

Share

ප්‍රංශයේ හදිසි අවස්ථා සෞඛ්‍ය සේවකයන් විරෝධතාවක නිරත වී තිබේ.

ඒ එරට රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍යාරක්ෂණ අයවැයට එරෙහිවයි.

හදිසි සේවා සැපයීම සඳහා ප්‍රංශයේ සෞඛ්‍ය ඇමතිනී ඇග්නස් බුසින් විසින් වර්ෂ තුනක් සඳහා යූරෝ මිලියන 750ක මුදලක් වෙන් කරනු ලැබීය.

එහෙත් එම මුදල ප්‍රමාණවත් නොවන බව හදිසි අවස්ථා සෞඛ්‍ය සේවකයන් පවසයි.

හදිසි සේවා අංශය සඳහා තවත් පුද්ගලයන් හා පහසුකම් අවශ්‍ය බව පවසමින් පැරිසියේ පැවැත්වූ විරෝධතාවට සෞඛ්‍ය සේවකයන් බොහෝ පිරිසක් එක්ව සිටියේය.

තම ක්ෂේත්‍රයේ පහසුකම් වැඩිකර දෙන මෙන් ඉල්ලමින් ඔවුන් මාස 6කට පෙර වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක කළ බව සඳහන්.

මේ අතර විරෝධතාව සම්බන්ධයෙන් ඇමතිනී ඇග්නස් බුසින් අදහස් දක්වා තිබේ.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට තමා සවන් දුන් බවත් ඒ අනුව සෞඛ්‍යාරක්ෂණ අයවැය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් සැලසුම් කරමින් සිටින බවත් ඇය පවසා තිබුණි.

Read more

Local News