වාසයට සුදුසු කලාපයක කක්ෂගත වන ග්‍රහලෝකයක ජලය හමුවෙලා

Share

තාරකාවක වාසයට සුදුසු කලාපයක් තුළ කක්ෂගත වන ග්‍රහලෝකයක වායුගෝලයේ තිබී තාරකා විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට ජලය සොයාගෙන තිබේ.

පිටසක්වල ජීවීන් සෙවීමේදී පිළිගත හැකි අපේක්ෂාවක් සහිත ග්‍රහලොවක් වන K2-18b තුළ මෙසේ ජලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

නේචර් ඇස්ට්‍රොනොමි ජර්නලයේ පළ වූ මෙම වාර්තාවට අනුව ඉදිරි වසර 10ක් තුළ, නව අභ්‍යවකාශ දුරේක්ෂවලට K2-18b හි වායුගෝලයෙහි ජීවීන් විසින් නිපදවිය හැකි වායූන් අඩංගු දැයි තීරණය කළ හැකි වනු ඇත.

ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් (යූසීඑල්) හි මහාචාර්ය ජියෝවානා ටිනෙට්ටි මෙම සොයා ගැනීම විස්තර කළේ අතිශය විශ්මිත ක්‍රියාවක් ලෙසිනි.

“තාරකාවක් වටා වූ වාසයට සුදුසු, උෂ්ණත්වය ජීවයේ පැවැත්මට අනුකූල විය හැකි කලාපයෙහි ග්‍රහලෝකයක ප්‍රථම වතාවට ජලය පවතින බව පෘථිවිවාසීන් විසින් අනාවරණය කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි.” යනුවෙන් ඇය පැවසුවාය.

වාසයට සුදුසු කලාපය යනු ග්‍රහලෝකයක පෘෂ්ඨය මත ද්‍රව ස්වරූපයෙන් ජලය පැවතීමට ප්‍රමාණවත් තරම් උෂ්ණත්වයක් නොමැති තාරකාවක් වටා ඇති කලාපයයි.

K2-18b යනු ආලෝක වර්ෂ 111ක් හෙවත්, සැතපුම් මිලියන 650ක පමණ දුරක් බැවින්, මේ සඳහා පරීක්ෂාවකට එකම විකල්පය වන්නේ 2020 දශකයේදී ඊළඟ පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂ දියත් කරන තෙක් බලා සිටීම යූසීඑල් හි ආචාර්ය ඉන්ගෝ වෝල්ඩ්මන් පවසයි.

“මෙය විද්‍යාවේ විශාලතම ප්‍රශ්නවලින් එකක්. අපි විශ්වයේ තනිවම සිටිනවාදැයි අපි නිතරම කල්පනා කර තිබුණා” යැයි ආචාර්ය වෝල්ඩ්මන් පැවසීය. “ඉදිරි වසර 10 තුළ, එම වායුගෝලවල ජීවය නිසා ඇති විය හැකි රසායනික ද්‍රව්‍ය තිබේද යන්න අපිට දැනගැනීමට හැකි වේවි.” ඔහු වැඩිදුරටත් පවසයි.

Read more

Local News