පාසල් දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රිසී භාෂා දැනුම ලබා දිය යුතුයි

Share

නූතන සංවර්ධන ප්‍රවණතා හඳුනාගනිමින්, අධ්‍යාපන ක්ෂේත්‍රය ඒ අනුව හැඩගැස්වීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහනුවර, රජවැල්ල හින්දු ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අපේ රටේ පාසල් යන දූදරුවන් ලක්ෂ 44 කට වැඩි ප්‍රමාණයක් සිටින බවද, මෙය රටේ කොදුනාරටිය බවත්, මොවුන් රටේ අනාගතය බාර ගැනීමට සිටින පිරිස බවද අමාත්‍යවරයා පැවසීය.

මොවුන්ට ලබා දිය හැකි උසස්ම අධ්‍යාපනය ලබා දීමට අපි සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පැවසු අමාත්‍යවරයා, තොරතුරු තාක්ෂණය හා අනෙක් සියලු අංශයන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බවත් කියා සිටියේය.

මෙම අංශවලින් නූතන සංවර්ධන ප්‍රවණතා ඇති කළ හැකි බවත්, මෙම අංශ සඳහා උපරිම ශක්තිය ලබා දිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

කවුරු මොන දේ පැවසුවත් ලක්ෂ 44 ක් වු පාසල් දුදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රිසී භාෂා දැනුම ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News