පක්ෂයෙන් නෙරපුවොත් නීතිමය පියවර ගන්නා බව එස්.බී කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් නෙරපා හැරියහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවසීය.

ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිත බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය දා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ අතර තවත් තිදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය පළ කළේය.

විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්.ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ අතර පොදුජන පෙරමුනට සහාය දැක්වූයේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන තිදෙනායි.

ඔවුන් පස් දෙනාට දින 7 ක් ඇතුළත කරුණු දක්වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලය ලබාදුන්නේය.

Read more

Local News