ජනතාවගේ කරපිටින් පාලකයන් පත්වන්නේ තමාට හෝ තම පවුලට සේවය කිරීමට නොවන බව නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමවින් ඒ මහතා මෙසේ පැවසීය.
“මේ රටේ බිහිවුණු ජනාධිපතිවරුන්ට තියෙනවා පදවි ප්‍රාප්තිය කියලා උත්සවයක්.
මම දන්නේ නෑ ඇත්තටම මටත් පදවි ප්‍රාප්තියක් ලැබෙයිද කියලා.
මේවා තීන්දු කරන්නේ රටේ ජනතාවත් ඔබත්.”
සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, නිකවැරටිය ජයන්ති මධ්‍ය මහ විද්‍යාලය සඳහා බස් රථයක් පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
රුපියල් ලක්ෂ 46 ක් වටිනා මෙම බස් රථය අමාත්‍යවරයගේ ඉල්ලීම පරිදි පෞද්ගලික දානපතියන්ගේ පරිත්‍යාගයෙන් විද්‍යාලයට ලබා දෙනු ලැබුවේය.
අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථය පදවාගෙන පාසලට පැමිණියේය.