ඇල්පිටිය තැපැල් ඡන්ද සළකුණු කිරීම එළඹෙන 27 වැනිදා

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 27 වනදා සිදු කිරීමට නියමිතව ඇත.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම්පත්‍රය භාර ගැනීමේ කාලය අවසන් වි තිබේ

ඇල්පිටිය ප්‍රාදේශිය සභා බලප්‍රදේශයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී සිටින හා ඡන්ද වීමසීම් රාජකාරී සඳහා යෙදවීමට නියමිත සියලු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක කටයුතුවල නිරතව සිටින ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබුවන්ය.

තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද වීමසීම සඳහා ඡන්ද දායකයින් 53,384ක් සුදුසුකම් ලබා ඇත.

Read more

Local News